Life
අරක්කු කොම්පැනි අධ්‍යක්ෂණයෙන් දැන් පෙන්වනවා ·
අරක්කු බොන කාටත් බිව්වාට පස්සෙත් හරිම අපහසුයි. අරක්කු බොන හැටි
අරක්කු බීලා කියන කරන දේවල් ආදිය ඇත්තටම සිද්ධවෙන විදිහට වඩා වෙනස්
විදියට පෙන්නුවහම ළමයින්ටත් තරුණයන්ටත් ඒ චරිත ගැන කැමැත්තක් ඇති වෙනවා.
කවදාහරි දවසක ඒ වගේ චරිතයක් වෙන්න නම් අරක්කු- බොන්න ඕනෙ බව ළමයින්ට ඉගැන්නුවහම ලාභ කාටද අරක්කු කොමිපැනියටයි ·
සල්ලිත්
වියදම් කරලා ඇගට අමාරුව මිසක් වෙන කිසිම ප්‍රයෝජනයක් නැති අරක්කු බොන්න
ළමයින්ට හා තරුණයන් පොළඹවා ගන්නේ නැති නම් අරක්කු සමාගම්වලට ලාභ කොයින්ද?
ඒ නිසා තමයි අරක්කු ගැන ළමයින්ගේ හිතේ රසවත් චිත්‍රයක් මවන්නේ. ඒ හරහා
අරක්කු බොන එක හොඳ වැඩක් ලෙස ඒත්තු ගැන්වීමටය සමාගමට උවමනා වෙලා
තියෙන්නේ.
අපි ඇත්ත තේරුම් ගත්තොත් අපිට ලාභයි
නොගත්තොත් කොම්පැනියට ලාභයි
රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ මොකටද?
ඔබ
නොදැනුවත්වම භාණ්ඩ අලෙවියට ඔබව හසුකර ගන්නා රූපවාහිනි නාලිකාත්, ඒ හරහා
වෙළෙඳ කොම්පැණි කාරයොත් ගෙනයන වැඩපිළිවෙල හඳුනාගෙන අවබෝධ කරගන්න පුළුවන්නම්
හරියට හරි.
එවිට නම් ඔබවත් ඔබේ දරුවාත් දන්නෙම නැතුව වෙනස් කරන හැකියාව එම ආයතනවලට නැති වෙනවා.
ළමුන්
බලන කාටුන් වලත් ටෙලි නාට්‍ය චිත්‍රපටි රූපරාමුවලත් ඇති මද්‍යසාර දුම්වැටි
දර්ශන හඳුනාගෙන ඒ හරහා ඔළුව වෙනස් කිරීමට සමාගම් දරන උත්සාහය හඳුනා
ගැනීමට ළමයින්ට සහාය වන්න.
ඒ සඳහා
Ö රූපවාහිනි නරඹන අතර තුර දකින සෘජුව හා වක්‍රව මද්‍යසාර හා දුම්වැටි ප්‍රචාරණය ගැන ළමුන් සමග සාකච්ඡා කරන්න.
Ö ඒ සඳහා යොදා ගන්නා රූපරාමු අදහස් දෙබස් ආදිය ගැන ඒ මොහොතේ ම දරුවාට පෙන්වා නිවැරදි කර දෙන්න.
Ö ඔබේ දරුවාට අවබෝධයෙන් යුතුව රූපවාහිනිය නැරඹීමට කුඩා කල සිට හුරු කරන්න.
Ö මධ්‍යසාර හා දුම්වැටි වැලැක්වීම පිළිබඳ කුඩා ප්‍රියජනක ක්‍රියාකාරකම්හි යෙදීමට දරුවා පොළඹවන්න.
Ö රූපවාහිනිය නැරඹීම මෙන්ම සෙසු ළමුන් හා පරිසරය සමග ක්‍රියාශිලීව එක්විය හැකි වෙනත් අවස්ථාද දරුවාට හඳුන්වා දෙන්න.
Ö රූපවාහිනී මද්‍යසාර, දුම්වැටි දර්ශනවලට පෙනි සිටින නළුවන්/නිළියන් එය මුදලට කරන බව පහදා දෙන්න.
Ö
රූපවාහිනිය තුළින් ළමුන්ට සෘජුව හා වක්‍ර ලෙස අරක්කු, බියර්, සිගරට්
ප්‍රචාරණය තරඟ අවස්ථාවලදී ඊට එරෙහිව අදාල ආයතනයට විරෝධය ප්‍රකාශ කරන ලිපි
යෑවීමට පොළඹවන්න.
එයින් ඔබේ දරුවා
මාධ්‍ය සාක්ෂරතාවය සහිත
බුද්ධිමත් වැඩිහිටියකු
බවට පත්කර ගත හැකිය
මද්‍යසාර ගැන ප්‍රශ්න කරමු අවබෝධ කරගනිමු
ජීවිතයේ
වසන්ත සමය තමයි තරුණ කාලය, කට්ටියක් එක්ක සෙට් වෙන්න විනෝද වෙන්න
මෙන්ම අපේ ජීවිතයේ දියුණුව ගැන හිතන්නත් තරුණ කාලය අපට වටිනවා.
ආතල් එකක්, සැපක් කියන්නේ කොහොම හැඟීමක්, දැනීමක් ඇති වුණු විටද?
විනෝදයක් ගන්න කොට ඇඟට හිතට දැනෙන්න ඕන, කොහොම ගතියක්ද?
අපි ටිකක් ගැඹුරින් හිතන්න ඕනේ.
යමක් ගැන හොයලා බලන එක පරික්ෂණයක් කරන එක අපේ ජීවිතවලට අලුත් අත්දැකීම් ගෙන එනවා
මද්‍යසාර භාවිතා කළහම ඒ කියන්නේ අරක්කු බිව්වම ඇත්තටම ඇඟට දැනෙන දේ සොයා බලන එක අපේ ජීවිතයට හුඟාක් වටිනවා
ඇඟට දැනෙන්න අරක්කු බිව්වම ඇත්තටම ඇඟට දැනෙන්නේ කුමක්ද?
ඒ කියන්නේ හිසට, මුඛයට, ගිලිනකොට, බඩට, ඇඟට.
ඔබටත්
කෙනෙකු අරක්කු බොනකොට මේ ගැන අහලා ලියාගන්න පුළුවන්. නැතිනම් අරක්කු බීම
ගැන කයිවාරු ගහන කෙනෙකුගෙන් ආතල්ම කියලා කියන අවස්ථාවේදී ඇඟට දැනුනේ
මොකක්ද කියලා අහලා මේ වගුව පුරවා ගන්න පුළුවන්.
මෙහෙම ප්‍රශ්න කරන එක "සැප" තමයි
විවිධ පළාත්වල තරුණයින් මේ ගැන සොයා බැලූවිට ඔවුනට ආවේ 100% එක සමාන උත්තරයි
විහිළුවට, බොරුවට කියන කතා මඳකට පැත්තකට කර දමා ඇත්තටම කියන කතා ගොනු කළහම ඇත්ත අත්දැකීම ගොනුවුනේ මෙහෙමයි.
ඇඟට දැනෙන්න අරක්කු බිව්වම
හිසට - බරයි, කැරකෙනවා, රිදෙනවා, උස්සාගෙන ඉන්න අමාරුයි.
මුඛයේදී - තිත්තයි, පිච්චෙනවා වාගේ
බඩට - දඟලනවා, වමනය එනවා
ඇඟට - පණ නෑ විසිවෙනවා, සමායෝජනය අඩපන වෙලා
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks